Insights

Blog | දේශගුණික ප්‍රජාව: කොළඹ, ශ්‍රී ලංකාව

මල්කි රුද්‍රිගෝ විසිනි


 

ආයුබෝවන්, අපගේ දේශගුණික ප්‍රජාව, නවතම මාලාව වෙත සාදරයෙන් හා හෘදයාංගම ව පිළිගනිමු. අපි E. Co. කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් දේශගුණික විපර්යාස ඔවුන්ගේ උපන් නගරවලට බලපාන ආකාරය පිළිබදව විමසා බලන්නෙමු. ලොව පුරා නගරවලින් ලබා ගන්නා වූ අත්දැකීම්වලින් සන්නද්ධ වූ ගෝලීය කණ්ඩායමක් වීම ගැන අප තුළ ඇති වන්නේ නිහතමානී ආඩම්බරයකි. මේ සතියේ අපි අපේ කණ්ඩායමේ විශ්ලේෂක මල්කි රුද්‍රිගු සමග කොළඹ නගරයට යාමට අදහස් කරගෙන සිටිමු…

මම ඉපදී හැදී වැඩුණේ කොළඹ ප්‍රදේශයේ. එහි මම වසර 20කට වැඩි කාලයක් ගත කළා. මම මගේ නගරය ගැන සිතන විට මට සිහිවන්නේ නිමක් නොමැති නිල්වන් අහස, මෘදු මුහුදු සුළං, සිත්ගන්නා සුලු ඉර බැස යාම සහ කන්පිනා යන සජීවී සංගීතයෙන් පිරි සුන්දර සවස් වරුවයි.

ඝර්ම කලාපීය නගරක් වන කොළඹ හැදී වැඩුණු මට අධික වර්ෂාව ආගන්තුක දෙයක් නොවෙයි. මම ඉඳහිට ඒ ධාරානිපාත වර්ෂාව බලාපොරොත්තු වෙමින් ජීවත් වුණා. මන්ද කුඩා කාලයේ අධික වැස්සත් සමග ඇති වන ගංවතුර නිසා බොහෝ විට පාසල් තිබුණේ නැහැ. එදා නවීන පූර්ව ඇමතුම් ඇගවීමේ පද්ධතියක් නොතිබුණු නිසා අපිට අපේ පාසල් බස් රථ රියදුරුගෙන් පණිවිඩයක් ලැබනකල් ඉන්න සිද්ද වුණා. ඔහු අපිට දන්වන්නේ පාසලට යන මාර්ග ජලයෙන් යට වී ඇති නිසා අපිට නිවාඩු දිනයක් ලැබන බවයි. පාසල් නොයාම නිසාවෙන් අපිට ඇති වන්නේ පුදුමාකාර සතුටක්. අපි ජලයෙන් යට වූ වත්තේ පාකර හරින්නට කඩදාසි බෝට්ටු සකස් කිරීමටත්, අපේ නිවස අසල ඇති කුඹුරු ජලයෙන් යට වී ඇති ආකාරය නැරඹීමටත් බෙහෙවින් ආශා කළෙමු.

කොළඹ හා තදාසන්න ප්‍රදේශ සැලසුම් කර අත්තේ ස්වදේශිකයන්ට වඩා බටහිර ජාතිකයන් විසිනි. පෘතුගීසීන් විසි වැව් ඉදිකරන ලද අතර, ලන්දේසින් විසින් ඇළ මාර්ග ඉදිකරන ලදි. බ්‍රිතාන්‍යයන් දිය කඩන එකතු කරමින් නගරයේ තැනින් තැන යටිතල පහසුකම් එක් කළහ.

ජනගහනය සහ ආර්ථික වර්ධනය නිසාවෙන් කොළඹ නගරයට ඇදී ආ පිරිස වැඩි විය. ඒ නිසාවෙන් දැන් කොළඹ වර්ධනය වන නාගරික අවුල් ජාලයක් බවත් පත්ව තිබේ. මෙයට නගරයෙ නිවාස, පොදු ස්ථාන හා ප්‍රවාහන පහසුකම් යන සියල්ල ම සම්බන්ධ ව ඇත. මතභේදයට තුඩු දී ඇති ඩොලර් බිලියන 15ක චීන මූල්‍ය ආධාර සහිත පෝර්ට් සිටි ව්‍යාපෘතිය සමග ඇති වන අනපේක්ෂිත වර්ධනය අදද දැකගත හැකි ය. ඉන්දියන් සාගරයේ හෙක්ටයාර් 269 ක් හාර එය ගොඩ කර සිදුවන මෙම කෘත්‍රිම සංවර්ධන ව්‍යාපෘති නිසාවෙන් දේශීය පරිසර විනාශයක් හා වෙරළබඩ ජල කළමනාකරණය අස්ථාවරත්වය කෙරෙහි බලපෑම් එල්ල විය හැකිය.

සිතියම් මූලාශ්‍රය: 1995 සිට 2017 දක්වා කොළඹ නාගරික ව්‍යාප්තිය, නගරය පිටත පැතිරීම මෙන්ම නගරය තුළ වැඩිවන ඝනත්වය පෙන්නුම් කරයි | ඡායාරූපය UN-Habitat විසිනි.

 

සංවර්ධනය නිසාවෙන් සිදුවන තෙත් බිම් විනාශ කිරීමේ වර්ධනය හේතුවෙන් කොළඹ නගරයේ ගංවතුර ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ මෙන් ම නිරන්තර ගැටලුවක් බවට පත්ව ඇත. ගංවතුර තවත් තීව්‍ර වන්නේ දේශගුණික විපර්යාසය, වෙරළ ඛාදනය සහ නාගරීකරණය තුළින් සිදුවන බලපෑම නිසාවෙනි. ” පසුගිය වසර 30 තුළ නගරයේ තෙත්බිම්වලින් 40% ක් අතුරුදන් ව ඇත්තේ නාගරීකරණයේ සෘජු හා වක්‍ර බලපෑම හේතුවෙනි. එය වසරකට 1. 2% පමණ අගයක් ගනී”. මෙසේ කොළඹ නගරයට අයත් තෙත් බිමි සියල්ල අවසන් වුවහොත් ගංවතුර හානිය නිසා 1% දළ දේශීය නිෂ්පාදනයෙන් අහිමි වී යනු ඇත

කොළඹ අවට අධිවේගී මාර්ගය | කොළඹ අවට පිටත වටරවුම් අධිවේගී මාර්ගය අවට ගංවතුර. | ඡායාරූපය – චමින්ද සිල්වා

 

ඒ හා සමානව, ගංවතුර අගනුවර අගනගරයේ දේපල හානියේ විශාලතම හෙතුවන්ගෙන් එකකි. පසුගිය වසර 40 තුළ අවම වශයෙන් මිලියන 1.5 ක ජනතාවක් ගංවතුරෙන් පීඩාවට පත්ව ඇත. 2023 දී පමණක් ගංවතුර 5,000 කට පමණ පීඩාවට පත් විය. 2017 දී රටේ අවසන් මහා ගංවතුර නගරයේ 15,000 ක් පමණ පීඩාවට පත් විය. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ගංවතුර සමහර විට මාරාන්තික විය හැකිය. නිදසුනක් වශයෙන්, 2023 දී ඇති වූ ගංවතුර හේතුවෙන් මරණ පහක් සිදු වූ අතර නගරයෙන් පිටත නායයෑම් තවත් ජීවිත හානි සහ නිවාස විනාශ විය.

පර්යේෂණ පෙනවා දෙන පරිදි කොළඹ ගංවතුරට ගොදුරු වීමේ වැඩි ම අවදානමක් ඇත්තේ පැල්පත්වාසී ජනතාව බවයි. විශේෂයෙන් ම ගං ඉවුරු ආශ්‍රිත ව ඉදිකරන ලද පැල්පත්වාසී ජනතාව ගංවතුරට ගොදුරු වේ. ගංවතුරෙන් සිදුවූ හානී පූර්ණය සඳහා මෙම ජනතාවට ඉහළ පිරිවැයක් දැරීමට සිදුවේ. මේ පැල්පත්වාසී ජනතාවට බොහෝවිට ඔවුන්ගේ දේපළ සඳහා නීත්‍යානුකූල හිමිකම් නොමැති නිසාවෙන් ඔව්න්ට ඔවුන්ගේ නිවාස රක්ෂණ කරගැනීමට නොහැකිව තිබේ. ප්‍රමාණවත් ජලාප්‍රවාහන හා යටිතල පහසුකම් නොමැති ඔවුන්ගේ ජීවන තත්ත්වය දැනටමත් දරුණු වී ඇති අතර ගංවතුර තර්ජන නිසාවෙන් එය වඩාත් නරක අතට හැරේ.

ගංවතුරෙන් මා සෘජුව පීඩාවට පත් නොවූවත්, එම කාලවලදී ප්‍රවාහන බාධා නිසා මගේ පාසල් සහ විශ්වවිද්‍යාල ගමනාගමනයට බාධා ඇති විය. සෑම වසරකම ගංවතුර නිසා ගුරුවරුන්ට සහ සිසුන්ට පන්තියට පැමිණීමට නොහැකි වූ දින තිබේ. මෝසම් ගංවතුරේ දී තම නිවෙස්වල අතරමං වූ මිනිසුන් බේරා ගැනීම සඳහා ආරක්ෂක නිලධාරීන් බෝට්ටුවල සැරිසරන අයුරු මම රූපවාහිනියෙන් නිතර දකිනුයේ එය සාමාන්‍ය සිදුවීමකි.

කොළඹ පුරා ගංවතුරට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා විවිධ පළාත් පාලන ආයතන විසින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත. Metro Colombo Urban Development Project, පොදු අවකාශයන්, තෙත්බිම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, පදිංචිකරුවන් 232,000 කට ගංවතුර ආරක්ෂාව සැපයීම සහ මිලියන 6 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා දීම අරමුණු කරගත් එවැනි එක් මුලපිරීමකි.

තවත් කැපී පෙනෙන ව්‍යාපෘතියක් වන්නේ නාගරික තෙත්බිම් කළමනාකරණය, ගංවතුර ජලය රඳවා ගැනීමට උපකාර කිරීම සඳහා ස්වභාවික සහ මිනිසා විසින් සාදන ලද තෙත් බිම් සංරක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. මෙම ව්‍යාපෘතියට පුළුල් දේශගුණික සහ ආපදා උපාය මාර්ගයක කොටසක් ලෙස ගංවතුරට ඔරොත්තු දීමේ හැකියාව සමඟ විනෝදාස්වාදය ඒකාබද්ධ කරමින් නාගරික තෙත්බිම් උද්‍යාන දෙකක් නිර්මාණය කිරීම ද ඇතුළත් වේ.

කොළඹ ඛණ්ඩනය වූ තෙත්බිම් ජාලය, Unsplash මත yuneshshalika

 

මීට අමතරව, නිවැරදි දිශානතියේ වැදගත් පියවරක් සනිටුහන් කරමින් කීර්තිමත් Ramsar Wetland City සම්මානයෙන් කොළඹ පිළිගෙන ඇත.

මෙම පියවර නිවැරදි දිශාවට යන අතරම, නගරය දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය කිරීමට තවත් බොහෝ දේ කළ යුතුය. සියලුම නිවැසියන් සඳහා වඩාත් සාධාරණ අනාගතයක් නිර්මාණය කිරීම සඳහා, විශේෂයෙන්ම Smart නාගරික තාක්ෂණයන් සහ තිරසාර සංවර්ධන භාවිතයන් අනුගමනය කිරීම සම්බන්ධයෙන්, වැඩිදියුණු කළ සැලසුම් කිරීම කෙරෙහි නගරය අවධානය යොමු කළ යුතුය.

ලොව පුරා නගර සමාන ගංවතුර අභියෝගවලට මුහුණ දෙන නමුත් ඒවාට මුහුණ දීම සඳහා උපාය මාර්ග ක්‍රියාත්මක කර ඇත. ගංවතුර වැළැක්වීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙස නෙදර්ලන්තය බොහෝ විට සඳහන් වේ. ඩොලර් බිලියන 2.8 ක් වැය වන “Room for River” යෝජනා ක්‍රමය වැනි ව්‍යාපෘති සමඟින්, ජල ප්‍රවාහය වඩා හොඳින් කළමනාකරණය කිරීම සඳහා අමුණු සහ පදිංචිකරුවන් නැවත ස්ථානගත කිරීම. බුවනෝස් අයර්ස් හි, Hydraulic Master Plan 2011 සිට 300,000 කට අධික පිරිසකට ආරක්ෂාව ලබා දී ඇත. චීනයේ “Sponge City” සංකල්පය, නගර 30 ක භාවිතා වන අතර, වැසි ජලය අවශෝෂණය කිරීම, මෙක්සිකෝවේ Xalapa, CityAdapt මුලපිරීමේ කොටසක් ලෙස නැවත වන වගාව කෙරෙහි අවධානය යොමු කරයි.

මෙම උදාහරණ මගින් පැහැදිලි වන්නේ, ගංවතුර කළමනාකරණය සඳහා ආයෝජන අවස්ථා සහ උපායමාර්ගික සැලසුම් අවශ්‍ය බවයි. එය ශ්‍රී ලංකාවට අභියෝගයක් ව පවතින අතර එය සාක්ශාත් කරගැනීමට තවදුරටත් සැලසුම් හා අරමුදල් අවශ්‍ය බව පෙනේ.

 

 

Interested to learn more?

Speak to our expert team today to discuss your reflections on this topic or a related project, programme or policy on which you’re working.

We’re always on the lookout for smart, results-orientated individuals to join our core team. Why not browse our careers portal below for any short and long-term roles available in our global staff team or expert network?

And finally, if you’re interested to learn more about topics like this one; climate finance; or even participate in our E Co. institute trainings, do subscribe to our mailing list below to join our Latest Thinking community and receive our monthly newsletter to stay ahead of developments in the wider world of climate finance and sustainable development.